FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා බංගලි තරගාවලිය හා දුර්වලකම් ගැන ග්‍රහැම් ෆෝඩ් ඉන්ෆො වෙත විශේෂ ප්‍රකාශයක් කරයි..

පසුගිය දකුණූ අප්‍රිකානු  සංචාරයේදී  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමේදී දැක්වු දුර්වලතාවට පිළියම් සොයාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු  ග්‍රහැම් ෆෝඩ්  මහතා කොළඹ ටාජ් සමුදා හෝටලයේ බංගලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවේදි පවැසීය.

එසේම ශ්‍රී ලංකාව සෑම අවස්ථවකම සිය මව්බිම තුළදී දක්වන දක්ෂතා  බංගලාදේශයට එරෙහිවත් දැක්වීමට සමත් වුවහොත් තරගාවලිය ජය ගැනීම අපහසු නොවන බවත් හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

“අපිට මෙම තරගාවලිය ඇත්තෙන්ම අභියෝගාත්මක තරගාවලියක්, එ මන්දයත් මීට පර 2013/2014 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට පැමීණේද්දි තිබුණූ තත්වය නොවෙයි කණ්ඩායම් දෙකෙම අද තිබෙන්නේ,ශ්‍රී ලංකා කණ්ඩායමටත් අලුත් මුහුණු එකතු වෙලා තියෙනවා,එ නිසා මෙ තරගාවලිය හොද තරගාවලියක් වෙවි යැයි කියලා මම විස්වාස කරනවා, අපි දන්නවා අපේ ප්‍රතිවාදීන්ගේ තිබෙන දක්ෂතා හා දුර්වලතා,අපි මව්බිමේදි දක්වන සුපුරුදු දක්ෂතා මෙම තරගාවලියේදීත් දැක්වුවහොත් අපිට ජය ගන්න පුළුවන් වෙවි” යැයි හෙතෙම මෙහිදි පැවසීය.රෛ

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු  ග්‍රහැම් ෆෝඩ් ක්‍රීක් ඉන්ෆෝ වෙතද ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අදහස් දක්වා තිබේ.

“මට හිතෙන්නේ පන්දුරැකීම කාලයක් පුරාවටම ලංකාවට බලපෑ ගැටළුවක්. ජාතික කණ්ඩායම සඳහා විවිධ පුහුණුකරුවන් ගෙනවිත් මෙම ගැටළුව මගහරවා ගැනීමට ද උත්සහ කර තිබුණා. එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය මේ වන විට තේරුම් අරන් තියෙනවා පුහුණුකරුවෙක් ගෙනවිත් දැම්මාට මේ ප්‍රශ්ණය විසඳෙන්නෑ කියලා… මොකද උඩට එන ක්‍රීඩකයන් ඉන්නෙ නියමිත ප්‍රමිතියට වැඩිය ගොඩක් පහළින්. ක්‍රීඩකයෙක් කාලයක් තිස්සෙ පුහුණු වෙලා නැත්තම් පුහුණුකරුවෙක්ට එම ක්‍රීඩකයාව එකවර දක්ෂ පන්දුරකින්නෙක් කරන්න බෑ,” යැයි ඔහු කියයි.

“ක්‍රීඩකයන් කණ්ඩායමක් අරන් ඔවුන්ව ජොන්ටි රෝඩ්ස් ළඟට දාලා ඔවුන් හෙට දවසේ හොඳින් රකියි කියල හිතන්න බෑ. ඒ දේට කල් යනවා.”

“මේ වෙද්දි 19න් පහළ කණ්ඩායම හොඳින් පන්දුරකිමින් ඉන්නවා. අවශ්‍ය වන්නෙ ලාබාල වයසකදී ප්‍රාථමික දේවල් හරියට ඉගෙනගැනීමයි. කාලයක් තිස්සේ ජාතික කණ්ඩායම එක්ක හොඳ පන්දුරැකීමේ පුහුණුකරුවන් කටයුතු කළත් ඒ වෙද්දි ගොඩක් දුරට පරක්කු වැඩියි.”

“වැදගත් වන්නේ පන්දුරැකීමේ පුහුණුකරු විතරක් නෙමෙයි. ක්‍රීඩා දක්ෂතාවය, වේගය හා හැකියාවත් වැදගත්. ඒ නිසා ශාරීරික සුවතා පුහුණුකරුවන්ද සම්බන්ධ වෙන්න ඕන. මේවන විට ක්‍රියාත්මක කරලා තියෙන මෙම ව්‍යාපෘතියෙන් කාලයක් ගතවෙද්දී ප්‍රථිඵල ලැබේවි,”