2017 ඔස්කාර් උළෙලේ ලොකුම කතාව වී ඇත්තේ එක රැයින් ලෝ වටා පුවත් මවන්නියක් බවට පත්වූ ඇමෙරිකානු රංගන ශිල්පිණී Blanca Blanco ගේ ගවුම් විලාසිතාවය.
අතිශය පෞද්ගලික ප්‍රදේශ පවා විවෘත කරගෙන Blanca Blanco ඔස්කාර් රතු පලස මත ඇවිද යන ආකාරය පෙන්වන පින්තූර මේ වන විට සමාජ මාධ්‍යයේ පැතිරෙන අතර ඇගෙන් සෘජුවම මේ ගැන විමසීමට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් කටයුතු කර තිබේ.
“මම ගියේ නිරුවතින් නෙමෙයි. ගවුමට යටින් බිකිනි ඇඳුමක් ඇඳලා තිබුණා. ඒක මගේ සමේ පාටමයි. ඒකයි මම බය නැතුව විවිධ පැතිවල තිබුණු කැමරාවලට ඇක්ෂන් දැම්මේ. මට ඒක ගානක්වත් තිබුණේ නැහැ.”
“ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රූපවාහිනියේ විකාශය කළා. මම උත්සවයේ වාඩි වෙලා ඉන්නකොටම මගෙ ජංගම දුරකථනයට මට හිතවත් හුඟක් අය මැසේජ් කළා, මම නිරුවතින් නේද ඉන්නෙ කියලා.. එතකොට තමයි මට වැඩේ බරපතළකම තේරුණේ…”
“උත්සවය ඉවර වෙලා මම එළියට බැහැලා එන්නත් කලින් සමාජ මාධ්‍යවල මාව නිරුවත් වගේ පේන පින්තූර පැතිරෙන්න පටන් අරගෙන. දැක්කම මට හරි පුදුම හිතුණා.”
“ඔස්කාර් කියන්නේ මම ගරු කරන සම්මාන උළෙලක්. කවදා හරි දවසක සම්මානයකට නිර්දේශ වෙලා ඒ රතු පලස මතට යන්න හීනයක් මට තියෙනවා. ඉතින් එහෙම උත්සවයකට මම යටින් ඇඳුමක් නැතිව යයිද?”
මේ සියල්ලම කීමෙන් අනතුරුව ඇය එම වෙබ් අඩවියට පවසා තිබුණේ තවත් අපූරු වැකියකි.
“මීට අවුරුදු දෙකකට කලින් මම ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වුනා. ඒ වතාවේ මාව වැටුණේ අවලස්සන ඇඳුම් ඇඳ පැමිණි නිළියන්ගේ ලැයිස්තුවට. ඒත් මේපාර හොඳ වෙනසක් කරන්නයි මට ඕන වුණේ..”
2017 ඔස්කාර් උළෙලට ඇය පැමිණ සිටි ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්..
















