FAST NEWS

24×7 Around the Globe

තණතීරු වෙනස් කළැයි ඉන්දීයාවට එරෙහි චෝදනාවක් ICC යට යයි..

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දී කණ් ඩායම අතර පසුගියදා පුනේහිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී යොදාගත් මහාරාෂ්ඨ ක්‍රීඩාංගණයේ තණ තිරුවක් බවට එම තරගයේ තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් ඉන්දියාව වෙත චෝදනා එල්ල කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

මෙම තණතීරුව ප්‍රමාණයට වඩා දඟ කැවෙන සුළු ගතියක් ඇතිවන ලෙස සකස් කළේ යැයි ඉන්දීයාවට චෝදනා එල්ල වී ඇති අතර ඊට පිළීතුරු සැපයීමට අයි.සී.සීය දින 14 ක කාලයක් ලබා දී ඇති බවද සඳහන්.

එසේම මීට ඉන්දීයාව වරදකරු වුවහොත් ඇමෙරිකානු ඩොලර් 15000 ක දඩයක් හෝ අවවාද කිරීමක් හෝ මෙම දඩුවම් දෙකම නියම කෙරෙනු ඇති බවද ක්‍රීඩා වාර්තා පවසයි.

මෙම තරගයේ කඩුළු 40 ක් බිඳ වැටුනු අතර එහීදි කඩුළු 31 ම දවා ගැනීමට සමත් වුයේ දඟ පන්දු යවන්නන් වීම කැපී පෙනෙන කරුණකි.

කෙසේ වෙතත් මෙම තරගය ඉන්දීයාට එරෙහිව ලකුණු 333 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

මීන් පෙරද අවස්ථාවක කිහිපයකදීම ඉන්දීයාවට මෙම චෝදනාව ඉල්ල වී තිබුණී.