FAST NEWS

24×7 Around the Globe

ස්ථාන මාරුවීම ලබා නොගත් වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග…

බන්ධනාගාර රෝහ‍ලේ සේවය කරන සියලුම වෛද්‍යවරුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ.

එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට අමාත්‍යවරයා නියෝග කර ඇත.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එම වෛද්‍යවරුන්ගේ සහයෝගය ලැබෙන බවත් එය අසාධාරණ ක්‍රියාවලියක් හෙයින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

මීට පෙර එවැනි චෝදනාවක් ලැබූ බන්ධනාගාර රෝහ‍ලේ සේවය කරන වෛද්‍යවරයකුට ස්ථාන මාරුවීමක් ලැබුණද ඔහු එම ස්ථාන මාරුවීම ලබාගෙන නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ හේතුවෙන් එම වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශයට නියෝග කර ඇත.