FAST NEWS

24×7 Around the Globe

මහින්දට ජීවිත තර්ජන එල්ල වීමට ඇති ඉඩකඩ ගැන ඩලස්‌ කියයි..

පාතාලයේ බිහිසුණු ක්‍රියාකාරකම් නිසාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් හා සමස්‌ත ජනතාවගේ ජීවිතවලට තර්ජනයක්‌ එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (28 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් අධිකරණයට ගෙන යමින් සිටි සමයං නමැති පාතාල සාමාජිකයා ඇතුළු තවත් සැකකරුවන් පිරිසක්‌ පාතාල සාමාජිකයන් පිරිසක්‌ විසින් මරා දමා ඇත්තේ බිහිසුණු අයුරින් බවද ඒ මහතා කීවේය.

”බස්‌නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ පාතාලය සහ උතුරේ ත්‍රස්‌තවාදය අවසන් කිරීමට පසුගිය රජය ක්‍රියාකළ හෙයින් පාතාල නායකයන් තොග පිටින් රට අතහැර ගියා. නමුත් වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රට අතහැර ගිය පාතාල සාමාජිකයන්ව ආණ්‌ඩුවේම සමහර නායකයන් විසින් නැවතත් මෙරටට ආනයනය කර ඇතැයි” ද ඒ මහතා පැවසීය.