FAST NEWS

24×7 Around the Globe

සමීරගේ රඟ දැක්වීම ගැන සමීරම කියයි…

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට හුවා දැක්වීමට අවශ්‍යතාවයක් ඇති වූ බවත් ඒ බව කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන තම මිතුරාට පැවසීමෙන් පසු වෙඩි ප්‍රහාරය තමන් ගමන් ගත් මෝටර් රථයට එල්ල කිරීමට සැලසුම් කළ බව කී සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනානායක මහතා කොළඹ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේදී පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

කොළඹ පිටකොටුවේ මිහිඳු මාවතේ පිහිටි එම ‍පොලිස් කොට්ඨාශයට පෙරේදා (27) කැඳවූ ඒ මහතාගෙන් රාත්‍රිය වන තුරු ‍පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එම වෙඩි ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කෙරුණු රඟ දැක්වීමක් බව එහිදී හෙළි විය.

වෙඩි තැබුවේ කවුද එය කෙසේ සිදුවූයේද යන්න සියල්ල දන්නේ මන්ත්‍රීවරයා බවද එහිදී සමීර සේනාරත්න මහතා සඳහන් කර ඇතැයි ‍පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ.

මේ ප්‍රශ්නය මත සයිටම් ආයතනයේ කීර්ති නාමය මෙන්ම අනාගතය විනාශ වූ බව ඔහු ඉතා කණගාටුවෙන් පවසා ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.