FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් බැරලයක මිල පහතටම වැටෙයි…?

බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා පහත වැටෙනු ඇතැයි නෙදර්ලන්තයේ ‘ඒ.බී.එන්. අම්රෝ බෑන්ක් එන්.වී සඳහන් කරයි.

තෙල් අපනයන කරන රටවල සංවිධානය (ඔපෙක්) ඉදිරියේදී තෙල් නිෂ්පාදනය සීමා කිරීම පුළුල් නොකළහොත් මෙලෙස තෙල් බැරලයක මිල පහත වැටෙනු ඇතැයි අම්රෝ බෑන්ක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා පවසයි.

ඇමෙරිකානු ඩොලර් 30ක් යනු වර්තමානයේ පවතින තෙල් බැරලයක මිලෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක පහත වැටීමක් යැයි ද වාර්තා වේ.

දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.2කින් සීමා කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානයේ සාමාජික රටවල් ඉකුත් නොවැම්බර් මාසයේදී එකඟත්වය පළ කරන ලදි.

ඊට සාමාජික නොවන රටවල ද සහාය හිමි වූ අතර රුසියාව ඊට වැඩි වශයෙන් මැදිහත් විය. ඒ අනුව දිනකට නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන 1.8ක් දක්වා අඩු කෙරිණි.