FAST NEWS

24×7 Around the Globe

1948න් පසුව බිහිවූ ලොකුම හොරා විමල්ද.. ලාල් කියූ හැටි…

1948න් පසුව බිහිවූ ලොකුම හොරා විමල් වීරවංශ දැයි ජවිපෙ හිටපු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ප‍්‍රශ්න කලේය.

ඔහු මෙසේ ප‍්‍රශ්න කර සිටියේ හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.

‘ජනතාව ආණ්ඩුවක් පත් කලා හොරු අල්ලන්න. අන්තිමට මොකද වුනේ හොරු විසින් අල්ලගත්ත ආණ්ඩුව. දැන් හොරු විසින් අල්ලගත් ආණ්ඩුවක් තියෙනවා ඉතින් හොරු අල්ලයිද..

 48න් පස්සෙ මේ රටේ කෝටි ප‍්‍රකෝටි ගණන් දැවැන්ත පහුගිය කාලෙත් හොරකම් කරපු ලොකුම හොරා විමලයද. ඌවනෙ අල්ලල දාල තියෙන්නෙ. ඒකත් හොරකමක් තමයි. දැන් අපේ සහෝදරවරු තිස්සමහාරාමෙ කලේ කොහොමද. තමන්ගෙ ධනයයි ශ‍්‍රමයයි ඔක්කොම දාල ලක්‍ෂ එකහමාරක දෙකක වැඩ කලා ලක්‍ෂයට. ඒ හින්දනෙ කෙලවුනේ’