FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප පළාත් මහ ඇමැතිවරු වර්ජනයකට සැරසෙති..

පළාත් සභා සතු බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට විරෝධය පාමින් 27 වැනිදා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් පැවැත්වීමට නියමිතව තිබූ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රීලනිප පළාත් මහ ඇමැතිවරුන් ඒකමතිකව තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් කැඳවා තිබූ ශ්‍රීලනිප මහ ඇමැතිවරුන්ගේ හමුවකදී මෙම තීරණය ගත් බව වාර්තා වේ.

පළාත් සභා සතු බලතල කප්පාදු කිරීමත්, ඒවා වෙනුවෙන් පළාත් පාලන ඇමැතිවරයා පෙනී නොසිටීමත් යන හේතුන්ට විරෝධය පාමින් මෙම තීරණය ගත් බවත් එම රැස්වීම සඳහා කිසිදු පළාත් ලේකම්වරයකු හෝ සම්බන්ධ නොකිරීමටත් එහිදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ලබන 27වැනිදා මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුණු බවත් හදිසියේ එය අවලංගු කළ බවත් පළාත් පාලන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.