කලා විෂය ධාරව යටතේ 2015 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව අත්තන කඩවල මහා විද්‍යාලයේ සිසුවියක දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන විභාගයෙන් සමත්ව ඇතත් මෙතෙක් ඇයට විශ්වවිද්‍යාලයක් ලැබී නොමැති බව අනාවරණය වෙයි.
විභාගය ඉහළින් සමත් වුවද සරසවි වරම් නොලැබීමෙන් අසරණව සිටිනුයේ පොලොන්නරුව, අත්තනකඩවල, ජඹුරේවෙල අංක 60 ලිපිනයේ පදිංචි ජී.ජී. දිල්කි රසාංගලී අබේගුණවර්ධන ශිෂ්‍යාවයි.
අත්තනකඩවල මහා විද්‍යාලයෙන් 2015 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට විවිධ විෂය ධාරාවන්ගෙන් පෙනී සිටි සිසු සිසුවියන් 14 දෙනකු ඉහළින් සමත්ව ඇති අතර කලා විෂය ධාරාව යටතේ දිල්කි රසාංගලිS ශිෂ්‍යාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා වී තිබේ.
ඇය විභාගයට පෙනී සිටි සිංහල සහ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයන් සඳහා ඒ බැගින්ද චිත්‍ර විෂය සඳහා බී සමාර්ථයක් ද හිමිකරගෙන ඇත. එම වසරේ ඇයගේ විභාග ප්‍රතිඵල සමස්ත ලංකා තත්ත්වය 34 වන අතර ඉසඩ් අගය 1.6302 බව දිල්කි රසාංගලී සිසුවිය පැවසුවාය.
උපාධි අපේක්ෂිකාවක ලෙස ලියාපදිංචි වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත අයදුම් කොට දිවයිනේ විශ්වවිද්‍යාල ගණනාවක් නම් කොට ඇතත් මෙතෙක් විශ්වවිද්‍යාලයක් නොලැබුණු බවද ඇය කීවාය.
කලා විෂය ධාරාව යටතේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් 2015 වසරේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට සමත් වූ මෙම සිසුවියට විශ්වවිද්‍යාලයක් නොලැබීමේ කාරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තමන්ද ලිතව දැනුම් දී ඇතත් එයට මෙතෙක් විසඳුමක් නොලද බව අත්තනකඩවල මහා විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්. දිසානායක මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.