FAST NEWS

24×7 Around the Globe

පිලිපීන ජනපතිට එරෙහි වූ සෙනෙට් මන්ත්‍රී ලෙයිලා අත්අඩංගුවට…

ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහි වූ පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක වන ලෙයිලා – ඩි – ලීමා අද(24) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඇය පිලිපීන බන්ධනාගාරවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කරමිනි.

තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් පැමිණෙද්දී නිවසෙන් පලාගිය ලෙයිලා ඊයේ(23) රාත්‍රිය ගත කර ඇත්තේ සෙනෙට් මණ්ඩල ගොඩනැගිල්ලේ වන අතර තම නිර්දෝෂී බව ඔප්පු වනු ඇතැයි බන්ධනාගාර ගත වීමට පෙර ඇය පවසා තිබේ.