FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙයි…

ඔස්ට්‍රේලියාව සමග පැවති විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද(24) අලුයම දිවයිනට පැමිණෙන ලදි.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ උත්සවයක් ද පැවැත්වූ අතර මෙම උත්සව අවස්ථාවේදී තරගාවලියේ වීරයා වු අසේල ගුණරත්නට ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

පිළිගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැති අතර ඊට කණ්ඩායම් පුහුණුකරු ග්‍රැහැම් ෆොර්ඩ් / කළමණාකරු රංජිත් ප්‍රනාන්දු මෙන්ම තරගාවලියේදී  කැපී පෙනෙන දස්කම් දැක්වු අසේල ගුණරත්න සහ ලසිත් මාලිංග ද එක්ව සිටියහ.