FAST NEWS

24×7 Around the Globe

පොදු ප්‍රවාහන සේවයයි ලිංගික හිංසනයයි අතර හෙළි නොවූ රහස මෙන්න…

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් දිවයින පුරා කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක්ම පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී ලිංගික හිංසනයට ලක්වන බවය.

එහෙත් එවැනි හිංසනයට පත්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර පිහිටක් පතා ඇත්තේ 4%ක් වැනි සුළු ප්‍රමාණයක් යැයි ද එම අධ්‍යයනයේදී හෙළිවී ඇතැයි එම අරමුදලේ කොළඹ කාර්යාලය පවසන ලදි.

එම නිසා පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ අවදි කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කළ යුතු බවද එම කාර්යාලය පවසනු ලැබීය.