FAST NEWS

24×7 Around the Globe

කබීර්ගෙන් මුදල් අමාත්‍යංශයට විරෝධය- හේතුව මෙන්න…

කැබිනට් මණ්ඩලය අනුමත කළ වන්දි මුදලට වඩා වැඩි වන්දියක් එයාර්කැප් නමැති සමාගමට ප්‍රදානය කිරීමේ මුදල් අමාත්‍යංශ තීරණයකට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂිම් විරෝධය පළ කර තිබේ.

විෂයභාර ඇමතිවරයා වන තමන් ද නොතකා හැර එම සමාගමට ඩොලර් මිලියන 154ක වන්දියක් ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව ඔහු ඊයේ(21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා සිටියේය.

නමුත්, කැබිනට් අනුමැතිය පළව ඇත්තේ ඩොලර් මිලියන 75 හා 80 අතර වන්දියක් ප්‍රදානය කිරීමටය.

පසුගිය පාලනය විසින් 2012දී එයාර්කැප් සමාගම තෝරා ගනු ලැබූවේ ගුවන් යානා මිල දී ගැනීම සඳහා වුවත්, වත්මන් ආණ්ඩුව එම ගිවිසුම අවලංගු කොට එම සමාගමට වන්දියක් ලබා දීමට තීරණය කළේය.