මිනිස් නියපොත්තක් මත පහසුවෙන් ඉඳගත හැකි තරම් කුඩා ගෙඹි විශේෂ 4ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
වනාන්තර බිම් වල සිටින මෙම ගෙම්බන්, රාත්රියේ දී කෘමින්ගේ හඬට සමාන හඬක් නගන බවත් ලොව හමුවී ඇති කුඩාම ගෙඹි විශේෂ වලට අයත් වන බවත් පැවසේ.
මීට වඩා තරමක් විශාල ගෙඹි විශේෂ තුනක් ද සොයාගෙන ඇති අතර, මේ අනුව, බටහිර ඝාට්ස් ප්රදේශයෙන් හමුවූ රාත්රී ගෙඹි විශේෂ ප්රමාණය 7කි.
මෙම නව විශේෂ සොයාගෙන ඇත්තේ කේරළ හා තමිල්නාඩු ප්රදේශ වල වනාන්තර තුළ වසර කිහිපයක් පුරාවට කළ ගවේෂණයකින් අනතුරුවය.












