FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට සංචිතය නම් කෙරේ..(ලැයිස්තුව)

මාර්තු 07 වැනිදා ආරම්භ ශ්‍රී ලංකා කණ්ඩායම හා සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතය නිළ වශයෙන් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මාර්තු 7දා ගාල්ලේදී ආරම්භ වන අතර, බංග්ලාදේශයේ සියවන ටෙස්ට් තරගය වන දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 15දා පී. සරා පිටියේදී ආරම්භ වෙයි.

බංග්ලාදේශ ටෙස්ට් සංචිතය

මුෂ්ෆිකාර් රහීම් (නායක), තමීම් ඉක්බාල්, ලිට්න් දාස්, සෞම්‍යා සර්කාර්, මොමිනුල් හක්, සකිබුල් හසන්, මහමදුල්ලා, ෂබිර් රහ්මන්, මුෂ්ටාෆිසූර් රහ්මන්, තජියුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, මොසඩෙක් හොසේන්, කම්රුල් ඉස්ලාම් රබි, සුභාශිෂ් රෝයි, රුබෙල් හොසේන්.