FAST NEWS

24×7 Around the Globe

රවී හා දයාසිරි බරපතල ගැටුමක – මහින්දවත් ගෑවෙයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර බරපතල මතගැටුමක් හටගෙන ඇත.

ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්‍යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක මහතා දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව තිබේ.

”රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ්‍රීලනිප ඇමතිලා රාජපක්‍ෂ ඩීල් එකකට වැඩ කරනවා’ යැයි මුදල් ඇමතිවරයා පැවසීමත් සමග ඇමති දයාසිරි ජයසේකර මහතා ඊට විරෝධය පල කරමින්, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක්  බවත් සදහන් කර තිබේ.

රාජපක්‍ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි රටම දන්නා බව පවසා ඇති ඇමති දයාසිරි ජයසේකර මහතා, ශ්‍රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.

මෙම නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වීමට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.