බෝට්ටුවේ 40ක වැඩි පිරිසක් හිටියා. සමහරු වමනය දැම්මා. එහා මෙහා ගියා. බෝට්ටුව එක වරම පැත්තකට බර වෙන විට මම බෝට්ටුවේ සිටි පිරිස මුහුදට තල්ලු කළා. ඒ බොට්ටුවට යටවෙන එක වළක්වන්න” යැයි කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුර පත් ධීවර යාත්රාව පැදවූ බේරුවල මස්සල පදිංචි පුංචි හේවාගේ දිනූෂ රුවන් කුමාර පැවැසුවේය.
ඔහු අපට මෙම ප්රකාශය කළේ කළුතර නාගොඩ මහ රෝහලේ අංක 16 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටියදීය.
ඔහු තවදුරටත් මෙසේද පැවැසීය.
මම උපන්නේ දකුණු පළාතේ. විවාහ වී මාස හතයි. ඒ නිසාම රැකියාව කරන නිසාත් බේරුවල පදිංචිව සිටිනවා.
මම බෞද්ධයෙක්. මෙම බෝට්ටුවේ හිමිකරුවත් බෞද්ධයෙක්. මෙම බහුදින ධිවර යාත්රාවේ නියමුවා ලෙස මම කටයුතු කරනවා.
මගේ බෝට්ටුවට බැතිමතුන් 60ක් විතර නැංගා. පස්සේ ටික දෙනෙක් බැස්සුවා. පෙරහැර යන්න පටන් ගත්තාම මගේ බෝට්ටුව ටිකක් පහු වුණා. මම අනිත් ඒවාට කිට්ටුවෙන් ගියා.
කාන්තාවන් හා ළමුන් විශාල ප්රමාණයක් බෝට්ටුවේ හිටියා. මේ අය අතරින් සමහරු දිගටම වමනය දැම්මා. පුරුදු නැති කමට ඒ අනුව පිරිස බෝට්ටුවේ එහා මෙහා ගමන් කළා. මම සැරින් සැරේ එන්ජින් කාමරයේ සිට උඩට ඇවිත් ඉන්න තැනම වාඩිවෙලා ඉන්න එහා මෙහා යන්න එපා කියලා ඒ අයට කිව්වා.
එහෙත් බෝට්ටුව එකවරම පැත්තකට ඇල වුණා. උඩ සිටි පිරිස කෑගහන්න පටන් ගත්තා. බෝට්ටුව පෙරළුනොත් මේ එය ඊට යට වේවි කියලා හිතුණු නිසා පෙරළෙන්න කලින් පිරිස මුහුදට තල්ලු කළා. ඒ අනෙක් බෝට්ටුවල සිටි පිරිසට හා බෝට්ටුවල ආ පිරිසට ඔවුන් බේරා ගන්නටයි.
ඉන්පසු මම බෝට්ටුවෙන් එළියට පැන්නා. එතකොටම බෝට්ටුව පෙරළුනා. මම කිමිදිලා ගිලෙන්න ගිය කුඩා දරුවන් දෙදෙනකු බේරාගෙන කුඩා බෝට්ටුවට බාර කළා.
ඉන්පසු ආච්චි කෙනෙක් බේරා ගන්න හදන විට ඇය මාව බදලා අල්ලා ගත්තා. අපි දෙන්නාම යට ගියා. පසුව මම ඇයවත් පොඩි බෝට්ටුවට එකතු කළා.
මටත් මේ වෙලාවේ ඩීසල් මිශ්ර වතුර පෙවුණා. මට හුස්ම ගන්න අමාරු වුණා. තව පොඩි බෝට්ටුවකින් මාව අරන් බේරුවල වරායට ගෙනාවා. මා නාගොඩ රෝහලට ගෙන ආවේ ඉන් පසුවයි. මේ ගමනට මා මගේ බිරිඳටත් කතා කළා. එයා එන්න කැමති වුණේ නැහැ.
මම පෙරහැර බොහෝ කාලයක ඉඳලා යන එකත්, බෞද්ධ කතෝලික භේදයකින් තොරව බෝට්ටු අයිතිකරුවන් මීට සහභාගි වෙනවා.
ඒ වගේම වෙසක් පොසොන් උත්සවවලට හා දන්සල්වලට කතෝලික අයත් සහය වෙනවා. මේ ලාසරස් පල්ලිය තියෙන්නේ බේරුවල ධීවර වරාය ඉදිරියේමයි. හැමෝම මීට සහකාර වන්නේ ලොකු භක්තියෙන්.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.