FAST NEWS

24×7 Around the Globe

මාලි අන්තිම පන්දු 5ට දුන් ප්ලෑන් එක අසේල හෙළි කරයි…

 

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම හා පැවති දෙවැනි විස්සයි 20 තරගයේදී සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කල අසේල ගුණරත්න තරගයේ අවසන් පන්දු කිහිපයේදී පිටියේ අනෙක් අන්තයේ සිටි ලසිත් මාලිංග තමන්ව දිරිමත් කල බව සදහන් කලේය.

ඔස්ටේ‍්‍රලියාවේ සිට මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

”මමයි චාමරයි තමයි එවෙලේ බැට් කලේ.. අපි දෙන්නාගේ ප්ලෑන් එක වුනේ තව ඕවර් තව 10 විතර ඇදගෙන යන්නයි.. ලකුණු 100 විතර කොහොමහරි අන්තිම ඕවර් 5කට විතර හරි ලකුණු 60 ක් 70ක් ගහන්න බැරි කමක් නැති හින්දයි.

මාලි අයියත් එද්දී තිබ්බේ බෝල 5ට ලකුණු 14ක් තිබ්බේ. මාලි අයියා කිව්වේ 5ට ඔයාට ගහන්න පුළුවන් අනිවාර්යයෙන්. දුවන්න එපා.. දුවන්නෙ නැතුව ඔයා තනිවම ගහන්න කියලා තමයි එයා කිව්වේ.. කොහොමහරි මාලි අයියා බෝලෙන් බෝලෙ ඇවිල්ලා කතා කලා. අන්තිම ලකුණු 3 කියද්දිත් කිව්වේ.. මෙහෙමයි.. පහර ගහන්න කියලයි..විකට් එක දෙන්නෙපා අවුට් වුනොත් එහෙම මැච් එක මේවා වෙනවා.. ඒ හින්දා 1ඒ 1ක් හරි 2ඒ එකක් හරි ගන්න පුළුවන් ට්‍රයි එකක් දෙමු කියලා.. ඒ වෙලාවේ තමයි කිව්වේ එහෙම.”