FAST NEWS

24×7 Around the Globe

සහිඩ් අෆ්රිඩි සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියට සමුදෙයි..

පාකිස්‌තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

තිස්‌ හය වැනි වියේ පසුවන අෆ්රිඩි 2010 වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩාවට සමුදුන් අතර 2015 එක්‌දින ජාත්‍යන්තර තරග දිවියට සමුදුන්නේය.

”මම මගේ රට වෙනුවෙන් ගොඩක්‌ දේවල් කළා කියල විශ්වාස කරනවා. නමුත් දැන් මම ජාත්‍යන්තර පිටියේ සියලුම තරගවලට සමුදෙනවා. ඒත් මගේ ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් තවත් වසර දෙකක්‌ පාකිස්‌තාන් ප්‍රිමියර් ලීග් හෝ වෙනත් ලීග් තරගවලට ක්‍රීඩා කරනවා.” යෑයි අෆ්රිඩි සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පවසා තිබේ.

පාකිස්‌තානු විස්‌සයි විස්‌ස ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙෂ්වර් සලාමි පිල නියෝජනය කරමින් සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් කරච්චි කිංග්ස්‌ පිලට එරෙහිව පන්දු 28 කදී හතරේ පහර තුනක්‌ සහ හයේ පහර පහක්‌ සමග ලකුණු 54 ක්‌ ලබා ගැනීමෙන් පසු සිය සමුගැනීම අෆ්රිඩි විසින් ප්‍රකාශ කළේය.

අෆ්රිඩි පාකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 27 ක්‌, එක්‌දින තරග 398 ක්‌ සහ විස්‌සයි විස්‌ස තරග 98 ක්‌ නියෝජනය කර තිබේ.