FAST NEWS

24×7 Around the Globe

භූ කම්පනයේ පෙර නිමිති රැගෙන ගොඩට ආ මත්ස්‍යයා මෙන්න… (වීඩියෝ)

ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයෙකු පසුගියදා පිලිපීන වෙරළට ගොඩ ගසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කලේය.

මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ මෙම මත්ස්‍යය විශේෂ ජීවත් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ මෙම මත්ස්‍යය විශේෂය අඩි 17ක් දක්වා වර්ධනය වන අතර පසුගියදා පිලිපීනයේ Cagayan de Oro නගරයේ වෙරළ තීරයට ගොඩ ගසා සිටි මත්ස්‍යයා අඩි 15 ක් පමණ දිගින් යුක්ත වන බවයි.

මීට පෙරද මෙම වර්ගයේ මත්ස්‍යයින් මෙම වෙරළට ගොඩගසා ඇති අතර පසුව එම ප්‍රදේශය අශ්‍රිතව භූමිකම්පාවක් ඇති වූ බව සදහන්ය.

මෙම මත්ස්‍යයින් මෙලෙස වෙරළට ගොඩගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක් බව පිලිපීන වැසියන් විශ්වාස කරන බවද සදහන් වේ.

වීඩියෝව පහතින්..