FAST NEWS

24×7 Around the Globe

‘බිග් මැච් තහනම් කළ යුතුයි’…

ගැටුම් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග(බිග් මැච්) තහනම් කළ යුතු බව මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන ලදි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග හේතුවෙන් විවිධ ගැටුම් ඇති වන බවයි.

ඒ සම්බන්ධයෙන් අතීතයෙන් ද උදාහරණ සපයා ගත හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.