FAST NEWS

24×7 Around the Globe

තරගය දිනවු අසේල ගැන ෆින්ච් හා තරංග විශේෂ ප්‍රකාශ නිකුත් කරයි..

ආරම්භයේ කඩුලු වඩාත්  ඉක්මනින්  බිඳ වැටුණද අසේල ගුණරත්නගේ විශිෂ්ට පිතිප්‍රහාරය හමුවේ තරගයේ ජයත් ඒ තුළින් තරගාවලියේ ජයත් තහවුරු වීම ගැන තමා සතුටු වන බව ශ්‍රී ලංකා නායක උපුල් තරංග ඊයේ (19) පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.

එසේම ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ලබා තරගාවලියක් ජය ගැනීම සුවිශේෂි ජයග්‍රහණයක් බව පවසන උපුල් තරංග මෙම ඕවර විස්ස-20 තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා  ප්‍රේක්ෂකයින් වඩාත් හොඳ සහයෝගයක් දුන් බව කෘතිවේදීත්වයෙන් මතක් කර සිටියි.

“අසේල දකුණු අප්‍රිකාවේදී දක්ෂතා දක්වා නැවතත් දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. විශේෂයෙන් ඔහුගේ ප්‍රථම ඔස්ට්‍රේලියානු සංචාරයේදීම මෙසේ දක්ෂතා දැක්වීම විශිෂ්ටයි” යනුවෙන්ද නායක තරංග මාධ්‍ය වෙත වැඩිදුරටත් මෙහිදි පැවසීය.

අසේලගේ සුපිරි ඉනිම තරගය කණපිට පෙරළුණ බවත් තරගයේ මැද වන විට අපි ඉදිරියෙන් සිටියත් එහි වාසිය අපිට නිමාවේදී අසේල නිසා නැතිවී ගිය බවද ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්  මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කෙසේ වුවද තරග දෙකම පරාජයට පත්වීමෙන් පසුව තෙවැනි තරගය ඇඩි‍ලේඩ්හිදී පැවැත්වෙන තෙවැනි තරගයේදී  ජයග්‍රහණය සඳහා සැලසුම් කිරීමට කටයුතු යොදන බවද ෆින්ච් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පිලට විශේෂ ගෞරවයක් දිය යුතුයි තරග දෙක නිම කිරීමේ විලාශය පිළිබඳව යනුවෙන්ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.