FAST NEWS

24×7 Around the Globe

සම්පත් බැංකුව විසින් සිය SMS සේවා ගාස්තු ඉහළ දමයි..

සම්පත් බැංකුව විසින් සිය SMS (කෙටි පණිවුඩ) සේවා ගාස්තු ඉහළ නංවා ඇති අතර මේ අනුව සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් අගය එකතු කළ සේවාවක් ලෙස මේ දක්වා ලබා දී තිබූ SMS Alertz සඳහා වාර්ෂිකව අය කරනු ලබන ගාස්තුව රුපියල් 350.00 ක් දක්වා වැඩි කර ඇත.

සිය SMS සේවා ග්‍රාහකයින් වෙත SMS මගින් මේ බව දැනුම් දීමට බැංකුව පියවර ගෙන ඇත.

තවද මාසයක් ඇතුළත ලැබෙන මුල් කෙටි පණිවුඩ 10 පමණක් නොමිලයේ ලබා දීමටත් වැඩි වන සෑම පණිවුඩයක් සඳහාම රු.1/- ක් බැගින් ගාස්තු අයකිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

විදුලි සංදේශ බදු වැඩිවීම හමුවේ ඒ සඳහා වූ ගාස්තු ඉහළ යාමත්, දුරකතන සේවා සමාගම් විසින් SMS ගාස්තු සම්මතකරණයකට පියවර ගැනීමත් නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව බැංකුව සිය නිල ෆේස්බුක් පිටුව හරහා මහජනතාවට දන්වා සිටී.