FAST NEWS

24×7 Around the Globe

රවී මිලියන 25ක් වියදම් කරලා – හේතුව මෙන්න…

 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපන් දිනය ඊයේ (19) යෙදී තිබු අතර,  ඒ වෙනුවෙන් ඔහු මට්ටක්කුලිය ශ්‍රී කල්‍යාණි ගංගාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව සඳහා මුල් ගල තැබීය.

විහාරාධිපති කුඩාහීල්ලේ රතන හිමි, රවී කරුණානායක මහතාගේ බිරිඳ මෙලා කරුණානායක මහත්මිය සහ හිටපු නාගරික මන්ත්‍රී චමින්ද අලුත්ගෙදර මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඇමැතිවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරෙන මේ ධර්ම ශාලාව සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වැය කෙරේ.