FAST NEWS

24×7 Around the Globe

ආනන්ද – නාලන්ද ගැටුම ගැන පොලිස් පරීක්ෂණයෙන් හෙළි වූ දේ…

 

කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලවල සිසුන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ වූ බොහෝ දෙනා ගැටුමෙහි නිමිත්ත පිළිබඳව නොදැන ගහ මරා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩි පිරිසක් සිසුන් පවසා ඇත්තේ ගැටුමට හේතුව නොදන්නා නමුත් වැඩිමහල් සිසුන්ගේ ආරාධනාව පිළිගෙන තමන් ඊට සහභාගී වූ බවයි.

මෙම ආරවුල නිසා පාසල් දෙකේ ශිෂ්‍යයන් පහළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඊයේ(16) දිනයේ අධිකරණයේදී ඔවුන් වෙත දැඩි අවවාද කෙරුණි.

එසේම එම සිද්ධිය නිසා සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කෙරුණු අතර රජයේ හා පුද්ගලික දේපළ රැසකටද හානි සිදු වුණි.