FAST NEWS

24×7 Around the Globe

හෙලිකොප්ටරය නවතා ලොරි රථයෙන් පාර ඇසූ රියදුරා මෙන්න… (වීඩියෝ)

 

හෙලිකොප්ටරයක් යන ගමන්මාර්ගය ලොරි රථ රියදුරෙක්ගෙන් ඇසීමේ සිද්ධියක් පිළිබදව කසකස්ථානයෙන් වාර්තා විය.

ලොරි රථයක් ඉදිරියෙන් ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එකපාරටම නවත්වා ඇති අතර ඉන්පසුව එහි ගුවන් හමුදා සෙබලෙක් ලොරි රථය දෙසට පැමිණ ලොරි රථ රියදුරාගෙන් Karabutak නම් නගරයට යන්නේ කුමන මාර්ගයෙන්දැයි විමසා තිබේ.

මේ සිද්ධිය නිසා ලොරි රථ රියදුරාද පුදුමයට පත්ව ඇති අතර ඔහු ඒ අවස්ථාවේ අදාළ නගරයට යන මාර්ගය ඒ සෙබලාට පවසා ඇති බවද වාර්තා වේ.

කෙසේ වුවද මෙවැනි සිද්ධීන් පිළිබදව ඇසිය හැකි වන්නේ බොහෝ කලාතුරකිනි.

අන්තර්ජාලයට නිකුත්ව තිබූ එම සිද්ධිය ඇතුලත් වීඩියෝව පහතින්..