FAST NEWS

24×7 Around the Globe

වැලන්ටයින් දා තරුණ කතුන්ට නොමිලේ දුන් පෙති මෙන්න…

 

වැලන්ටයින් දිනයේදී බැංකොක් නගරයේ තරුණ විවාහක කාන්තාවන්ට උපත් වර්ධක පෙති නොමිලයේ බෙදා දෙමින් එරට පහළ බසිමින් තිබෙන දරු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා කාන්තාවන් දිරිමත් කිරීමට එරට හමුදා රජය කටයුතු කළ බව වාර්තා වේ.

අධ්‍යාපන අවස්ථා වැඩි වීම හේතුවෙන් කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහළ යාම, ප්‍රමාදවී විවාහ වීම වැනි සමාජීය තත්වයන් වල ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ දී දරුවන් ලැබීමේ සාමාන්‍යය 1.6 දක්වා පහළ බැස ඇති බව බැංකොක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වචිර පෙන්ග්ජ්වර් ප්‍රකාශ කළේය.

එසේම 70 දශකයේ දී තායිලන්ත විවාහක යුවළකට සාමාන්‍යයෙන් දරුවන් සය දෙනෙකු සිටි බව ඔවුන් අනාවරණය කල අතර උපත් අනුපාතය දශම හතර දක්වා අඩු වී ඇති බවත් මේ පිළිබඳව යමක් නොකළහොත් මෙලෙසින් එය අවම වීමේ හැකියාව පවතින බවත් අඩුම තරමින් දැනට පවතින උපත් අනුපාතය හෝ පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු බවත් ඔහු පැවැසීය.

බී. බී. සී