FAST NEWS

24×7 Around the Globe

බලු බද්දකුත් එයි…

 

සුනඛයන් මහපාරේ දමා යන සහ අයාලේ යවන පුද්ගලන්ට එරෙහිව රුපියල් 25,000ක දඩ මුදලක් හා මාස 06ක සිර දඬුවමක් ලබාදීමට අදාළ නීති සකස් කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කළේය.

පොදු ස්ථානවලට සුනඛ ගෙනැවිත් දමන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොදු ස්ථානවල ආරක්ෂිත කැමරා සවිකිරීමටද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලබා ලබාගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.

අයාලේ යන සුනඛයන් රටට විශාල ප්‍රශ්නයක් බවත්, දැනට අයාලේ යන සුනඛයන් දිස්ත්‍රික් මට්ටටමින් මධ්‍යස්ථාන සකස් කර රැක බලාගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

සුනඛයන් සපා කෑම නිසා ජලභීතිකා රෝග ඇතිවීම වැනි ගැටලු රාශියක් මතුව ඇති නිසා මෙම තීරණය ගත් බවත්, මීට අමතරව ඉදිරි සියලුම කටයුතු කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත්කරන බවත් හෙතෙම සඳහන් කළේය.