FAST NEWS

24×7 Around the Globe

ලෝකයට අලුතින් එන මහාද්වීපය…

 

ලෝකයට අලුත් මහාද්විපයක් හඳුන්වාදීමට විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබේ.

නැගෙනහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශයේ නවසීලන්තය ඇතුළත්වූ ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බව ඔවුහු පෙන්වා දෙන ලදි.

නව මහාද්විපය ඔවුන් සීලැන්ඩියා ලෙස නම් යොදා ඇති අතර නවසීලන්තය හා නව කැලෙඩෝනියාවට ඇතුළත්ව නව මහාද්වීපය නම් කර තිබේ.

භූ විද්‍යාඥයින් 11 දෙනෙකු මෙම කණ්ඩායමට එක්ව තිබෙන අතර පැසිෆික් මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමියක් නව මහාද්වීපයක් ලෙස නම් කර ඇති බව සදහන්ය.

එසේම සිලැන්ඩියා මහාද්වීපය ලෝකයේ කුඩාම මහාද්වීපය වියහැකි වන අතර  විද්‍යාඥයින් පිරිස මෙම තොරතුරු ඇතුළත් කර පර්යේෂණ පත්‍රිකාවක්ද නිකුත් කර තිබේ.

3D452B4C00000578-0-image-a-27_1487214251386 (1)

3D452AE500000578-0-image-a-30_1487214279876