FAST NEWS

24×7 Around the Globe

අලුතින් එන මගුල් බද්ද මෙන්න…

 

ලොව පුරා පනවා ඇති විවිධාකාරයේ බදු දැකිය හැකිමුත් ඉන්දියාවේ අලුතින් අපූරු බද්දක් පැනවීමට කෙටුම්පතක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මෙම බද්ද බලපානු ඇත්තේ ඉතා අධික ලෙස විවාහ උත්සව වලට වියදම් කරන පුද්ගලයන් හටයි.

යෝජිත කෙටුම්පතට අනුව, විවාහ උත්සවයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 500,000කට වැඩි මුදලක් වියදම් කරන පුද්ගලයන් හට උත්සවය සඳහා වැය වන මුළු වියදමෙන් 10%ක් දුප්පත් මනාලියන් වෙත ලබා දිය යුතු වේ.

ඉන්දියාවේ මූල්‍ය අර්බුදය පැවතියද, ඇතැමුන් විසින් ඉතා අධික ලෙස වියදම් කරමින් විවාහ උත්සව පැවැත්වීම ඉතා තදින් විවේචනයට ලක්වී තිබේ.