FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදා ශ්‍රීලංකාවට කඩුලු 5 ක ජයක් ලබයි..

ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී පැවති විස්සයි  20 පුහුණු තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබාගැනීමට සංචාරක  ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් රැස් කළේය.

මෙහිදි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇඩම් වොජස් නොදැවී 54 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විකුම් සංජය කඩුලු 3 ක් බිඳ හෙළිමට සමත් වු අතර ඉසුරු උදාන සහ ලසිත් මාලිංග එක් කඩුල්ල බැගින් දවා ගැනීම සමත් වුහ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මෙහිදි නිරෝෂන් දික්වැල්ල  ලකුණූ 47 ක් හා උපුල් තරංග නොදැවී ලකුණු 47 ක් රැස් කළේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත 20යි 20යි තරගාවලියේ පළමු තරගය ලබන සිකුරාදා (17) කැන්බරාහිදී පැවැත්වීමට නියමිතයි.