ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට එක් රොකට්ටුවක් උපයෝගි කරගෙන සැටලයිට් 104ක් අභ්‍යාවකාශයට යොමු කළ රට බවට ඉන්දියාව වාර්තා අතරට එක්විය.
ඉන්දියාව අද (15දා) රොකට්ටුව අභ්‍යාවකාශය වෙත නිකුත් කරනු ලැබීය.
මිට ඉහතදි 2004 වසරෙදි රුසියාව එක් රොකට්ටුවකින් සැටලයිට් 37ක් අභ්යාාවකාශගත කර තිබුණි.
ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය විසින් පී.එස්.එල්.වී. රොකට්ටුව හරහා මෙසේ සැටලයිට් අභ්‍යාවකාශ ගත කරනු ලැබීය.
ඒ අනුව ආනගතයේ ඉහළම වටිනාකමක් සහිත අභ්යාවකාශ්ය වෙළඳපොළ තුළට ඉන්දීය බල පරාක්‍රමය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය මෙම ප්‍රවෘත්තිය වාර්තා කරමින් පැවැසීය.
කුඩා ප්‍රමාණයේ සැටලයිට් 104ක් මෙසේ අභ්‍යාකාශ ගත කරනු ලැබූ අතර එයින් 96ක්ම ඇමෙරිකාවට අයත් වෙයි. ඊට අමතරව ඊශ්‍රායෙලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය හා නෙදරලන්තයට අයත් සැටලයිට් මෙහි අන්තර්ගත විය.









