FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා වෙබ් අඩවියේ ප්‍රකාශය බොරුවක්…

 

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇමෙරිකානු වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කලේය.

ශ්‍රී ලංකා පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමෙරිකාවට ඇතුළුවීමට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවසර ලබාදී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කලේය.

ශ්‍රී ලංකා පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අවසර ලබාදී ඇති බවට ඇමෙරිකාවේ වෙබ් අඩවියක් පසුගියදා සඳහන් කර තිබිණ.