නොකියා සමාගම විසින් 2000 වසරෙදී වෙළඳපොළට හඳුන්වා දුන් නොකියා 3310 දුරකතනය නැවත වරක් වෙළදපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකතනයක් වූ අතර යුරෝ 59කට එය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව මේ වසර අවසානයේදී බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි දුරකතනය නැවත වරක් වෙළඳපොළට ඉදිරිපත් කිරිමට නියමිතය.










