FAST NEWS

24×7 Around the Globe

අභිරහසක් ලෙස මියගිය ජර්මන් හිමිනම…

 

සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි ජර්මන් ජාතික හිමිනමක් අභිරහස් ලෙස අපවත්වී ඇති බව මාරවිල පොලීසිය පැවැසීය.

අපවත්වී ඇත්තේ එරාවුර් පුන්නකුඩා පිහිටි පුංඤාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ බව කියන හික්කඩුවේ පුංඤරතන (අවු:72) නම් වූ ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන්වහන්සේගේ ගිහි නම Rolf Wermer නම් වේ.

අපවත්වී ඇති ස්වාමීන් වහන්සේ නිරන්තර මාරවිල ප්‍රදේශයට පැමිණ මෙම සංචාරක හෝටලේ ලැගුම් ගැනීම සිරිතක් කරගෙන සිට ඇති අතර පසුගිය 13 වැනිදාද උන්වහන්සේ හෝටලය පැමිණ නවාතැන් ගෙන ඇති අතර 14 වැනිදා දහවල් වන තුරු අවදි නොවීම සම්බන්ධයෙන් සොයා බලන විට කාමරය තුළම මිය ගොස් ඇති බව සේවකයෙකු දැක තිබේ.

පසුව මේ බව මාරවිල පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළ සිරුර හලාවත මහා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අපවත්වීම සම්බන්ධයෙන් ජර්මන් තානාපති කාර්යාලයට දැනුම්දීමටද මාරවිල පොලීසිය කටයුතු කර තිබේ.