60 දශකයේ චිත්‍රපට නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු වූ බොනිෆස් ප්‍රනාන්දු මහතා ඊයේ(14) අභාවප්‍රාප්ත වූ අතර මිය යනවිට 83 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි.
1956 දී තිරගත වූ සිරිමලී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරමින් සිනමාවට පිවිසි ඒ මහතා චිත්‍රපට 35 ක පමණ රංගනයට එක්ව ඇති අතර සුහද දිවි පිදුම, සුවිනීත ලාලනී, ශිරානි, සුදු සඳේ කළු වළා සහ සුදෝ සුදු ඉන් කිහිපයක් වේ.
චිත්‍රපටවලට අමතරව 80 දශකයේ විකාශනය වු පුර්ණිමා, ඡායා, ලෝගුව යන ටෙලි නාට්‍යවල ද බොනිෆස් ප්‍රනාන්දු රංගනයෙන් එක්ව තිබේ.
එසේම ‘ශිරානි’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු තවත් චිත්‍රපට කිහිපයක සහාය අධ්යක්ෂවරයා වශයෙන් ද කටයුතු කරන ලදි.
2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා සිය කටානේ නිවසේ දී මිය ගිය අතර දේහය පහළ මඩම්පැල්ල, අකරගම, අංක 77/20 නිවසේ තැන්පත්කර තිබේ.
අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා පස්වරුවේ මඩම්පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
ඡායාරූප පහතින්..















