FAST NEWS

24×7 Around the Globe

ඕ.පන්නීර්සෙල්වම් ඇතුළු 20 ක් පක්ෂයෙන් නෙරපයි..

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ වැඩබලන මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසිදෙනකු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයෙන් නෙරපා ඇතැයි ඉන්දීය පුවත් සේවා අද (14) වාර්තා කළේය.

මේ අනුව අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ඕ.පන්නීර්සෙල්වම් මහතා, එම පක්ෂයේ සාමාජික තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් අමාත්‍ය මා ෆෝයි පාණ්ඩියරාජන් මහතා ඇතුළු 18 දෙනකු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ මහලේකම්වරිය ලෙස කටයුතු කළ ශෂිකලා නටරාජන්ය මහත්මියය.

දූෂණ චෝදනාවලට වැරැදිකරුවන් කරමින් ශෂිකලා නටරාජන් මහත්මිය, ඉලවරාසි මහත්මිය සහ සුධාකරන් මහතා ඇතුළු පිරිසට සිර දඬුවම් සහ දඩ නියම කිරීමෙන් අනතුරුව ඕ.පන්නීර්සෙල්වම් තමිල්නාඩු ප්‍රාන්තයේ වැඩ බලන මහ ඇමැතිවරයා ලෙස පත්විය.