FAST NEWS

24×7 Around the Globe

හාල්, පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට – සභාව උණුසුම් වුණේ මෙහෙමයි…

 

අද(14) දිනයේ රැස් වූ දකුණු පළාත් සභාව තුලට සන්ධාන මන්ත‍්‍රී පිරිසක් විසින් හාල්, පොල්, පරිප්පු ආදිය ගෙන ඒම නිසා සභාව දැඩි ලෙස උණුසුම් විය.

සන්ධාන මන්ත‍්‍රී සාලිය මෙන්ඩිස් විසින් ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍ය පාර්සල් පෙන්වමින් පවසා සිටියේ ‘හාල් 100-110යි.. පොල් 90-100යි.. ජනතාව කෙහොමද කන්නේ’ යනුවෙනි.

ඊට පිලිතුරු ලෙස විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ විසින් තමන් රුපියල් 70 ට ගෙනාවේ යැයි පවසමින් හාල් මිටයක් පෙන්වීය.

70 හාල් සත්ව ආහාරවලට පවා සුදුසු නැති බවත් හොද හාල් ඇමති හැරිසන් විසින් සත්ව ආහාරවලට දුන් බව පැවැසීමත් සමග සභාව උණුසුම් විය.