FAST NEWS

24×7 Around the Globe

ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් සියදිවි හානිකරගනී…

 

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් සියදිවි හානිකරගත් පුවතක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍යන්හි වාර්තා වන්නේ මෙලෙස ගෙලවැළලාගෙන මියගොස් ඇත්තේ දකුණු ඉන්දියාවේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන 33 හැවිරිදි සංගීතා බවයි.

ඇය සිය සැමියාගෙන් වෙන්වී තම පුතු සමඟ තමිල්නාඩුවේ මහල් නිවාස සංකීර්ණයක ජීවත්ව ඇති අතර පසුගියදා ඇගේ පුත්‍රයා ඔහුගේ මිත්තණියගේ නිවසට ගොස් තිබේ.

පසුව ඔහු එහි සිට තම මවගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගෙන ඇති අතර එම ඇමතුම් සඳහා ප්‍රතිචාර නොලැබුණු පසු නැවතත් ඔහු සිය නිවසට පැමිණ තිබේ.

ඉන් අනතුරුව තම නිවස ඇතුලතින් අගුලු ලා තිබීම හේතුවෙන් මේ පිළිබඳව සැක සිතී ඔහු පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පසුව පොලිසිය පැමිණ නිවසේ දොරගුළු කඩා නිවස තුලට ඇතුළු වීමේදී එහි තිබී මෙම රංගන ශිල්පිණියගේ මළසිරුර සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ වනවිට දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට රැඟෙන ගොස් තිබේ.

තමිල්නාඩු පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වේ.