FAST NEWS

24×7 Around the Globe

පෙම්වතුන්ගේ දිනය සැමරීම තහනම් කල රට මෙන්න…

 

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ඊයේ(13) ලබාදුන් ශ්‍රේෂ්ටාධිකරණ තීන්දු අද (14)ට යෙදෙන පෙම්වතුන්ගේ දිනය (වැලන්ටයින් ඩේ) සැමරීම තහනම් කර තිබේ.

මෙයට හේතුව ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ මුස්ලිම් සංස්කෘතියට පටහැනි ක්‍රියාකාරකම් වැලන්ටයින් දිනයේ සිදුවන නිසා එය පාකිස්තානයට නොගැළපෙන සැමරීමක් ලෙස නම් කරන ලෙසයි.

ඊයේ(13) සඳුදා අධිකරණය දන්වා සිටියේ එය පිළිගත හැකි බවත් හා ඒ අනුව එරට සියලුම මාධ්‍ය වෙත අධිකරණයෙන් දන්වා සිටියේ පෙම්වතුන් දින ප්‍රවර්ධනය වහාම අත්හිටුවන ලෙසය.

එසේම එරට පරිපාලන අමාත්‍යංශ හා පොලිසිය වෙතද මෙම නියෝගය නිකුත් කළේ එවැනි ක්‍රියාකාරකම් සිදුකරන අය අත්අඩංගුවට ගැනීමට අවසර දෙමිනි.

පසුගිය වසරේ එරට ජනපතිවරයා සැමරීම නවත්වන්නැයි ජාතිය අමතා ඉල්ලා තිබුණ අතර විරෝධතා ව්‍යාපාරද පැවැත්විණි.

කෙසේනමුත් පාකිස්තානයේ වැලන්ටයින් සැමරුම මින් ඉහත වසරවලදීත් විවිධ බාධා මැද සිදු කලත් අධිකරණය මගින්ම මෙවැනි සැමරුමක් එරට නවතා දැමූයේ පළමු වතාවටය.