FAST NEWS

24×7 Around the Globe

ආදරවන්තයෝ සොයා පොලිසිය ලැගුම්හල් කරා ඇදෙන හැටී…

 

අද(14) ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලිසියත් විශේෂ මෙහෙයුමක් සිදු කරන බව වාර්තා වේ.

ඒ අනුව අද(14) දිනයේ දිවයින පුරා පිහිටි ලැගුම්හල් සහ සිනමාහල්වල විශේෂ සෝදිසි මෙහෙයුමක් කියාත්මක වෙනු ඇත.

දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත මේ පිළිබද සියලු තොරතුරු පොලිස් මුලස්ථානය විසින් ලබා දී ඇති බවත් එක් පොලිස් ස්ථානයකට අයත් වන වසමේ පිහිටි සියලු ලැගුම්හල් සහ සිනමාහල් පරික්ෂාවට ලක් කිරීමට මෙලෙස සියලු පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන බව අපට වාර්තා විය.