FAST NEWS

24×7 Around the Globe

කෞතුකාගාර ඩිජිටල් නැරඹුම ඇරඹේ – පහසුකම ලබාගන්නේ මෙහෙමයි…

 

ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර, තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විඳ ගැනීමට ඉඩ සැළසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසන ලදි.

ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය කරන ලද මැදිරි සංකීර්ණය නැවත විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සමගාමීව මෙම පහසුකම ජාතික කෞතුකාගාර නරඹන්නන් සඳහා මුදා හැරීම නොබෝදා සිදුවිය.

මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) %ශ්‍රී ලංකා මියුසියම්^ යන්න පිරික්සීමෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.