FAST NEWS

24×7 Around the Globe

2020දී සිරිපා නගින හැටි මනූෂ හා එක්ව තලතා මාධ්‍යයට කියයි…

 

ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවට අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පසුගිය දා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පිළිතුරු ලබා දුන්හ.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළ උදාහරණයක් ද ගෙනහැර පාමිණි.

මෙහිදී විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදියෙක් පළමුව ප්‍රශ්නයක් විමසා සිටියේය.

■ ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා සිරීපාදේ දෙපැත්තෙන්ම නැගලා මගදී එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවනවා කියලා. ඒක ඇත්තද?
කොයි පැත්තෙන් නැග්ගත් සිරිපාදේනේ නගින්නේ. අපි කියන්නේ එකතුවෙන තැන ඉක්මනින්ම ඇතිවෙන්න කියලා තමයි. ඒකට සිහිබුද්ධිය නුවණ ඉක්මනින්ම පහල වේවා කියලා අපි බලන් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන එක තමයි 2020 අපේ අරමුණ.

■ එතකොට මේ යාළුවෙලා එකට ඉන්න එක?
ඒ අපේ යාළුකම.

ඒ සඳහා පිළිතුරු දුන් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය.
ඔය කවුරු යාළුවෙලා සිරිපාදේ නැග්ගත් මේ රටේ වෙනස ඇතිකරලා ජනාධිපතිතුමාව පත්කළේ අපි. අපි ඕනි වෙලාවක ලෑස්තියි එකට වැඩ කරන්න. හොරකම් කරපු නඩය එකතුවෙලා කල්ලි හැදිලා මේක කන්න හැදුවට වැඩක් නෑ. මේ රටේ තිබුණ හැම අනන්‍යතාවයක්ම විනාශ කරපු අය ගැන මේ රටේ මිනිස්සු හොඳ අවධානයකින් ඉන්නේ. මේ රටේ එදා ඉඳන්ම බලයේ ඉදලා තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. ඒ අය 2020 බලයට එනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. අපි සහයෝගය දෙනවා. මොකද අපි තමයි ජනාධිපතිතුමාව හැදුවේ.

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා
අපි බලාපොරොත්තු වෙනවා 2020 ආණ්ඩුවක් හදන්න. මෙතුමියලත් බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවක් හදන්න. කොයි විදිහට වෙයිද දන්නේ නෑ. සමහර විට මේ විදිහට වෙන්නත් පුළුවන්. කොහොමත් හොඳ දෙයක් සිද්ධ වෙයි.

■ ඒ කියන්නේ ඩිලාන් පෙරේරා ඇමතිතුමාගේ සිහිනය සැබෑ වෙයිද? තවත් මාධ්‍යවේදියකු ප්‍රශ්න  කළේ ය.

අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය
නෑ මෙතන ඩිලාන් පෙරේරාගේ කතාවක් නෑනේ. අපිත් සිරිපාදේ නගිනවනේ. තැන් තුනෙන්ම නගිනවා. කුරුවිටෙන්, පලාබද්දලින්, හැටන් වලින්. කොහොමහරි සිරිපාදේ නගිනවා.