FAST NEWS

24×7 Around the Globe

හොරෙන් රට ගිය වෛද්‍ය සමීර දැන් කියන අමුතු කතාව මෙන්න…

 

තමන් රටින් පලා ගියේ නැති බවත් විදෙස්ගත වූයේ පොලිසිය දැනුවත් කර බවත් ‘සයිටම්’ ආයතනයේ ප‍්‍රධාන විධායක වෛද්‍ය සමීර සේනාරත්න පැවැසීය.

තමන් රුසියාවට ගියේ සයිටම් ආයතනයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග බවත් පවසන ඔහු තමන් රුසියාවට පැන ගියේ යැයි විරුද්ධවාදීන් විසින් ප්‍රචාරය කරමින් සිටින බවද ප්‍රකාශ කලේය.

තමන් විදෙස් ගත වූ දිනයේදී කටුනායක ගුවන් තොටුපල දක්වාම පොලිසියෙන් ආරක්‍ෂාව ලබා දුන් බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

රුසියාවේ සිට මේ අදහස් පලකල සේනාරත්න මහතා තම රාජකාරි අවසන් වූ පසු යලි ශ‍්‍රී ලංකාවට පැමිණෙන් බවත් ඉදිරි පොලිස් පරීක්‍ෂණවලට සහාය දෙන බවත් පැවැසීය.