FAST NEWS

24×7 Around the Globe

භයානක අත්භූත සිදුවීම් මැවූ මිනිත්තු 102 මෙන්න…

 

අත්භූත චිත්‍රපට මාලාවක් වන Rings චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට පසුගිය 03වනදා හොලිවුඩයෙන් ප්‍රේක්ෂකයන් අතරට පත්විය.

පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කළ Rings චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ F.Javier Gutiérrezගේ අධ්‍යක්ෂණයක් වේ.

Matilda Anna Ingrid Lutz, Alex Roe, Johnny Galecki  වැනි රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම නිර්මාණය සදහා රංගනයෙන් දායක වී ඇති අතර  David Loucka සහ Jacob Estes විසින් මෙහි පිටපත නිර්මාණය කර තිබේ.‍

මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටවල මෙන් නොසිතන වේලාවක ලැබෙන අත්භූත වී‍ඩියෝ පටයක් ජිවිතයකට සිදුකරන බලපෑම මෙම කතාව තුලද  දිගහැරේ.

එහි නිෂ්පාදකයන් පවසන්නේ ඩොලර් මිලියන 25ක වියදමක් දරමින් නිෂ්පාදනය කර ඇති Rings චිත්‍රපටය මිනිත්තු 102ක කාලයක් තුල වෙනස්ම ආකාරයේ කතාවක් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන බවයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්..