FAST NEWS

24×7 Around the Globe

මුරලිදරන් හා විශිෂ්ටයෝ පරයා අශ්වීන් ලෝක වාර්තාවක් තබයි..

ඉන්දිය දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් ලොව අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 250ක් දවා ගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගය අතරතුර තම 250 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත් අශ්වින් ෙමම වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය.

ඒ අනුව 30 වැනි වියේ පසුවන අශ්වින් මෙම ලෝක වාර්තාව තමන් සතු කර ගැනීම සඳහා ටෙස්ට් තරග 45ක් තුළ කඩුලු 250ක් දවා ගැනීමට සමත් වූ අතර අශ්වින් එලෙස බිඳ හෙළනු ලැබුවේ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඩෙනිස් ලිලී තරග 48කදී කඩුලු 250ක් බිඳ හෙළා තැබූ ලෝක වාර්තාවය.

ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් තරග 45කදී බිඳ හෙළා තිබුණේ කඩුලු 218කි .