ඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන ඇති බව වාර්තා වේ.
ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක S.S.Rajamouli ගේ නවතම වීර කථා චිත්‍රපටයක් සඳහාය.
ජනප්‍රිය බාහුබලි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන S.S.Rajamouli විසින් මහා භාරතයේ ඉතිහාස කතා ඇතුළත් නවතම චිත්‍රපටයකට නළුවන් තිදෙනෙකු තෝරාගෙන තිබු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ලදි.
එම තේරීම් තුළ රාජිනි කාන්ත්, ආමීර් ඛාන් මෙන්ම මලයාලම් නළු මොහාන් ලාල් ද ඇතුළත් බව සදහන්ය.
කෙසේ වෙතත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක් චිත්‍රපටයට තෝරා ගැනෙන අතර ඔහු කව්රුද යන්න ප්‍රේක්ෂකයාට කුතුහළය ගෙන දෙන්නක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මෙතෙක් තෝරාගෙන නොමැත.
අධ්‍යක්ෂකවරයා ප්‍රකාශකර ඇත්තේ අප්‍රේල් මාසයේ දී ප්‍රධාන නළුවා තෝරාගෙන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකරන බවයි.









