FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් අභියෝගයක්…

 

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව ප්‍රකාශ කරන ලදි.

යොන්හැප් ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ කොරියානු වේලාවෙන් අද(12) උදෑසන 7.55 ට පමණ ජපාන මුහුද වෙත එල්ල කෙරුණු මෙම මිසයිලය කලින් හඳුනා නොගත් මාදිලියක මිසයිලයක් බවයි.

උතුරු කොරියාව පසුගිය වසරේදී න්‍යෂ්ටික අත්හදාබැලීම් කිහිපයක්ද සිදු කලේය.

ඔවුන් මෙලෙස සිදුකරන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් කලාපයට තර්ජනයක් ලෙසයි සැළකේ.

එමෙන්ම අද(12) අත්හදාබැලූනු මිසයිලය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු සිදුකරන ලද පළමුවැන්න වීම විශේෂත්වයකි.

ජනපති ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් පසුගිය සතියේ දකුණු කොරියාවේ සංචාරය කරමින් ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාරයකට දැවැන්ත ප්‍රතිචාරයක් දක්වන බවයි.

එමෙන්ම ඇමරිකානු තාඩ් මිසයිල ආරක්ෂන පද්ධතියක් මේ වසර තුළදී දකුණු කොරියාවේ සවිකිරීමටද දෙපාර්ශවය එකඟ වුණි.

කෙසේ නමුත් උතුරු කොරියාව අද සිදුකළ මිසයිල අත්හදාබැලීම ට්‍රම්ප් ජනාධිපතිවරයාට එල්ල කළ සෘජු අභියෝගයක් ලෙස සැළකේ.