FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණ සහ පෙළපාළි විසුරුවීමට පොලිස් බල්ලෝ…

නීති විරෝධී උද්ඝෝෂණ සහ පෙළපාළි විසුරුවා හැරීමට ‍පොලිස් කැරලි මර්දන කණ්ඩායම්වලට අමතරව ‍පොලිස් අශ්වාරෝහක සහ ‍පොලිස් නිල සුනඛයින් යෙදවීමට අවධානය යොමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්වීඩනයෙන් සහ ස්කොට්ලන්ඩ්යාඩ්වලින් පැමිණ කැරලි මර්දන විශේෂඥයන් පිරිසක් ‍පොලිස් නිල සුනඛයින්ට මේ වනවිට මූලික පුහුණුවක් පවා ලබාදී ඇත.

එම රටවල ඉතා සාර්ථක ලෙස උද්ඝෝෂණ විසුරුවා හැරීමට අශ්වයින් සහ සුනඛයින් යොදාගන්නා බව ඔවුන් පෙන්වා දී ඇත. මහනුවර ‍පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී ‍පොලිස් නිල සුනඛයින් 30 දෙනෙකුට දැනටමත් අදාළ පුහුණුව ලබාදී අවසන්ය.

උද්ඝෝෂණයක් සාමකාමීව පැවැත්වීමේදී සුනඛයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටින බවත් උද්ඝෝෂකයන් කලහකාරී වෙමින් ගල්මුල් ප්‍රහාර එල්ල කර කලබල කරන විට සුනඛයා ඊට ප්‍රතිචාර දක්වන බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.